ජෙෆ්රි ෆෙල්ට්මෑන් හෙට එනවා



එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ  දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මෑන් නිල සංචාරයක් සඳහා හෙට (09) දිවයිනට පැමිනීමට නියමිතය.

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ  දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානියා මෙම ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති, අගමැති ඇතුළු දේශපාලන නායකයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතය යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් දුජාරික්  පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ 6 වැනිදා පැවති දෛනික මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
හෙතෙම මෙම සංචාරයේදී මේ දිනවල ඇඳිරි නීතිය පනවා තිබෙන මහනුවර ප්‍රදේශයේද නිල සංචාරයක නිරත වන බවත් , ශ්‍රී ලංකාවේ මේදිනවල පවතින තත්තවයට පෙර දේශපාලන කටයුතු ප්‍රධානියේගේ මෙම සංචාරය සැලසුම් කර තිබූ බවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් දුජාරික් කියා සිටියේය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS