ජෙගා ජෝතිට වසර අටක හිඟ වැටුප්



 

 

                                      (විිනීතා එම් ගමගේ)

            සවුදියේ ගෘහ සේවිකාවක ලෙස වසර අටක් තිස්සේ වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට හිමි හිඟ වැටුප් සියල්ල ලබා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ සවුදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව ඇත.

            රත්නපුර කහවත්ත, නීලගම වත්තේ එක කොටසේ පදිංචි ඒ පී ජෙගා ජෝති නමැති කාන්තාව මෙම වන්දි මුදකට හිමිකම් කියන්නීය. ඇයට හිමි රුපියල් 16,37,820 ක මුදල විදේශ රැකියා ඇමතිනී තලතා අතුකොරල මහත්මිය  විසින් පසුගියදා ඇයට භාර දෙන ලදී..

            ඇය සවුදියෛ් සේවය කළ වසර අටෙන් මුල් මාස දහය සේවය කළ නිවසේ වැටුප් ලබා දී ඇතත් එහි දී විඳින්නට වූ වද හිංසා නිසාම ඇගේ ඉල්ලීම මත වෙනත් නිවසක සේවයට යවා තිබේ. එම නිවසේ වසර හතයි මාස හතරක් සේවය කළත් වැටුප් ලබා දී ඇත්තේ මාස හතරකට පමණි.

වැටප් නොලැබීම හා විවිධ කරදර නිසා ඇය එම නිවසින් පළා විත් ඉකුත් අප්‍රේල් 18 දා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාර වී තිබේ. ඇගේ පැමිණිල්ල මත එරට පොලිසිය මේ පිළිබඳ පරික්ෂණ අරඹා ඇති අතර තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත හිඟ වැටුප් ලබා ගත හැකිවී ඇත.

දෙදරු මවක වන ජෙගා ජෝති මහත්මිය දැන් 60 වියැතිය. ඇය මෙසේ කීවාය.

“ මම රට ගියාට පස්සේ මගේ ගෙදර වුණ ලැයිම් කාමරෙත් මට අහඅමඅ වුණා. ඒත් ජීවිතේ බේරගෙන එන්න ලැබුණ එක ලොකු දෙයක්. මම එහේ අනන්ත දුක් වින්දා. මුලින් වැඩට ගිය ගෙදර මට කොහොමවත් ඉන්න බැරි තරම් වද දුන්නා. මට ගහපු ඒව තවම ඉදිමුම් තියෙනවා.

එතන ඉන්නම බැරි හින්දයි වෙන තැනකට යවන්න කියල එජන්සියට කිව්වේ.ඉතින් වෙන තැනකට යාව්වා. එතැන මාස හතරක් විතරයි පඩි දුන්නේ. ඒත් අවුරුදු හතක් මම දුක් වින්දා. බැරිම තැන ඇඳන් හිටි ඇඳුම පිටින් මම පැනල ගියා. එහෙමයි එම්බසියට ගියේ.

පසුගිය අප්‍රේල් 18 දා තානාපති කාර්යාලයට ගියේ. එහේ මහත්වරු මට මගේ අයිතිවාසිකම් ලබා දුන්නා.”


RECOMMEND POSTS