ජී.එල්.පීරිස් ඉන්දීය විදෙස් ඇමැති හමුවෙයි



විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර ද්විපාර්ශවීය හමුවක් රුවන්ඩාවේ කිගාලි නුවර දී පැවැත්විණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට අතරවාරයේ දී මෙම හමුව සිදුවිය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව ලබාදෙන පුළුල් සහයෝගය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා මෙහිදි ඉන්දියාවට කෘතඥතාව පළ කළේ ය.

මෙම අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයට මුහුණ දීම සඳහා මෙම උපකාර විශාල වශයෙන් ඉවහල් වූ බව ද විදේශ අමාත්‍යවරයා කීවේ ය.

විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත අනාගත සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරුන් මෙහිදි සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.   


RECOMMEND POSTS