ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලයි



වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලා ඇත.

මේ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මාසයේ දී (අප්‍රේල්) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ දී ජාතිය ඇමතූ අතර එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නා බව ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වී සාකච්ඡා පවත්ව තිබිණි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ක්‍රියාශීලීව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ බලධාරීන් ඉඟි පළ කර තිබෙනවා” යැයි ඉකුත් සතියේ සිකුරාදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැරී රයිස් පැවැසීය.

“ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි හොඳම ආකාරය සහ අපට සහාය දිය හැකි හොඳම ආකාරය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ලබන මාසයේ දී වොෂින්ටන් නුවරට පැමිණෙනවා. එහිදි අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා” හෙතෙම කීය.

ඒ.එන්.අයි. ඇසුරිනි


RECOMMEND POSTS