ජල අර්බුදයට කෘත්‍රිම වැසි



වැසි රහිත කාලවලදී ජල විදුලි නිෂ්පාදනයට කෙරෙහි ඇතිවන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇති කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජලවිදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්හි වළාකුළු අතරට ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යයන් එකතු කිරීමෙන් මෙම කෘතීම වැසි ඇති කිරීමට නියමිතය.

තායිලන්තයේ තාක්ෂණික දැනුම ලබාගනිමින්, ලංකාවේ ප්‍රථම වරට ක්‍රිායාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ගුවන් යානා සැපයීමට ගුවන් හමුදාව එකගවී තිබේ.

ඉදිරියේදී මෙම කාර්යය සඳහාම වෙන්කරන ලද ගුවන්යානා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අදහස් කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.සුරේන් බටගොඩ සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක" රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

ඩයනා උදයංගනී
කොළඹදීය


RECOMMEND POSTS