ජපානයේ රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අය අත් අඩංගුවට



ජපානයේ රැකියා දෙන බව පවසා   මුදල් වංචා කළ පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

  විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ගේ අනුදැනුම ද ඇතිව මෙම රැකියා ලබා දෙන බව පවසමින් මෙම වංචාව සිදු කර ඇතැයි කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.

  සැකකරු කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයකුට දුරකතනයෙන් අමතා විදේශ රැකියා අමාත්‍යවරිය ගේ මැදිහත් වීම මතත ජපානයේ රැකියා ලබා දෙන බවත් සියලු කටයුතු සඳහා රුපියල් දොලොස් ලක්ෂයක් අවශ්‍ය බවත් අත්තිකාරම් ලෙස රුපියල් පණස් දහසක් අවශ්‍ය බවත්පවසා තිබේ.

     මේ පිළිබඳව කුරුවිට පදිංචිකරු කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයට මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරැව සැකකරු නුගේගොඩ දී  අත් අඩංගුවට ගෙන ඇත.

        එම පුද්ගලයා වරකාපොළ පදිංචි පණස්හතර හැවිරිදි තැනැත්තෙකි. 


RECOMMEND POSTS