චෝදනාවලින් ගෘහ සේවිකාව නිදොස්
කටාර්හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්රී ලාංකික කාන්තාවකට එල්ලවී තිබූ සොරකම් කිරීමේ චෝදනාවක් විභාග කළ දෝහා අධිකරණය, ඇගේ නිදොස් බව ඔප්පුවීමෙන් අනතුරුව සියළු චෝදනාවන්ගෙන් නිදොස් කළ පුවතක් කටාරයෙන් වාර්තා වේ.
අදාළ සැකකාර ලාංකික ගෘහසේවිකාව විසින් සිය හාම්පුතාගේ නිවසේදී මුදල් රන් භාණ්ඩ හා තවත් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ වරදට මෙලෙස චෝදනා ලැබ සිටියාය.
කටාර් රියාල් 4800ක මුදලක් නැතිවී සොයන අවස්ථාවේ එම මුදල් මෙහෙකාරියගේ කාමරයේ තිබී සොයා ගත් බවත් ඊට අමතර හාම්පුතාගේ දියණිය සතු වටිනා සුවඳ විලවුන් බෝතල් දෙකක්ද ඇය සතුව තිබී සොයා ගත් බවත් එරට ආරක්ෂක අංශයට නිවෙස් හිමියා විසින් පැමිණිළිකර තිබේ.
ඔවුන් නිවසේ නොමැති අවස්ථාවක මෙම සැකකාර ගෘහ සේවිකාව විසින් ස්වර්ණාභරණ, මුදල් සහ තවත් වටිනා දේ රැගෙන පලා ගොස් ඇති බවට නිවෙස් හිමියා විසින් පැමිණිලි කළත් පැමිණිල්ලේ විශ්වාසනීය බවක් නොමැති වූ හෙයින් සාධාරණයක් ලැබෙන තෙක් නඩුව විභාග කර තිබේ.
කෙසේ වෙතත් ප්රමාණවත් සාක්ෂි නොමැති වීමත් අදාළ පැමිණිල්ල නිවැසියන් විසින් දින 6ක් ඉකුත් වූ පසු වාර්තා කිරීම යන හේතු කාරණා මූලික කර ගනිමින් දෝහා අධිකරණය විසින් ලාංකික ගෘහ සේවිකාව සියළු චෝදනා වලින් නිදෙස් කොට නිදහස් කර තිබෙන බව කටාර් ආරංචි මාර්ග වාර්තා කරයි.