ගුවන් සේවාවලට බාධාවක් නෑ



ඉන්ධන හිඟයෙන් ගුවන් සේවා කටයුතුවලට බාධාවක් එල්ල නොවනු ඇතැයි ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඉකුත් දා පැවැසීය.

කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන රත්මලාන ගුවන් තොටුපොළ වසර 54කට පසු කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කීය.

“රටේ ඉන්ධන තත්ත්වයෙන් ගුවන් සේවාවලට බලපෑමක් නැහැ. මොකද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ අනෙකුත් ගුවන් සේවා සමාගම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අඛණ්ඩව අදාළ ගෙවීම් කර තිබෙනවා. ඒ වගේම ඒ ගෙවීම් කර තිබෙන්නේ ඩොලර්වලින්. අනෙක් අතට සංස්ථාවත් අපට අඛණ්ඩව ඉන්ධන සපයා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදීත් ඒ සියල්ල සිදුවෙනවා. අපි ජෙට් ඉන්ධනවලට අඛණ්ඩව ඩොලර්වලින් ගෙවීම් කරනවා. එහි බාධාවක් නැහැ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.

රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් සේවා ක්ෂේත්‍රයට අවශ්‍ය ලීටර 280,000 ගබඩා කිරීමේ හැකියාව පවතින අතර ප්‍රමාණවත් කොටසක් ඉල්ලුමට සරිලන පවත්වාගෙන යන බව පැවසේ.

මේ හේතුවෙන් රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වලට රටේ පවතින ඉන්ධන හිඟයෙන් බාධාවක් එල්ල නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා සහතික විය.

ඩේලි එෆ්.ටී. ඇසුරිනි


RECOMMEND POSTS