ගමන් බලපත්‍රයට අයැදුම් කිරීම නව මුහුණුවරකින් !



ගුවන් ගමන් බලපත්‍ර අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමේ හා ඒ සඳහා වන ගෙවීම් ක්‍රෙඩිට් කාඩ්පත ඔස්සේ සිදුකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැළසුම්  කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන සැළසුම් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි පළමු පියවර ලෙස ගුවන් ගමන් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා වන අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට අවස්ථාව ලබාදීමට සැළසුම් කර ඇති  අතර එහිදී මුදල් ගෙවීමේ කටයුතු ක්‍රෙඩිට් කාඩ් මඟින් සිදුකිරීමට ද අවස්ථාව හිමි වනු ඇත.

මෙම වසර අවසන්වීමට පෙර මෙම නව වැඩසටහන හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS