කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා
කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වී ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි.
මෙලෙස එම වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියෙ බ්‍රේෂා ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් යැයි ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලය සදහන් කරයි.
ඇය 46 හැවිරිදි වියේ පසුවන්නියක වන ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක වේ.
එම කාන්තාව වසර 10ක පමණ කාලයක සිට සිය සැමියාත් සමඟ එරට පදිංචිව සිටින අතර ඉතාලියේ බ්‍රේෂා ප්‍රදේශයේ කොරෝනා ආසාධිත වයෝවෘද්ධ ඉතාලි ජාතික කාන්තාවක රැක බලාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගය ආසාදනය වී ඇතැයිද
ඇය මේ වන විට බ්‍රේෂා ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බවද ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සදහන් කරයි.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත වූවන් 2036 දෙනෙකු ඉතාලියෙන් වාර්තාවන අතර අද (03) වනවිට රෝගීන් 52 දෙනෙකු එම වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව සිටිති.
උතුරු ඉතාලියේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වෛරසය සීඝ්රයෙන් ආසාදනය වීමත් සමඟ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්නැයි දන්වමින් ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදන නිකුත් කිරීමට ඉකුත් සතියේදී පියවර ගෙන තිබුණි.
ඒ අනුව ඉතාලියේ උතුරු ප්‍රදේශෙයේ කොරෝනා වෛරස් රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වීමත් සමග එහි ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් කාර්යාලය හරහා අධීක්ෂණ කටයුතු සිදු කරන බව විදේශ සබදතා අමාත්යංසශය අමාත්‍යාංශය කියා සිටී.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් 104,000කට අධික පිරිසක් ඉතාලියේ වාසය කරන අතර ඉන් සියයට 60 ප්‍රතිශතයක් කොරෝනා වෛරසය පැතිර යමින් පවතින ලොම්බාර්දියා ප්‍රදේශයේ වාසය කරන බවද එම අමාත්‍යාංශය සදහන් කළේය.
එහි වෙසෙන ලාංකිකයින්ට යම් සහයක් අවශ්‍ය නම් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ (0039)-06-884-0801 හෝ (0039)-06-885-4560 යන සාමාන්‍ය දුරකතන අංකයන් වලට හෝ ශ්‍රී ලංකා තානාපති කාර්ය මණ්ඩල සාමාජිකයින් වන සිසිර සෙනෙවිරත්න මහතා (0039)3499351745 , ප්‍රියා නාගරාජා මහත්මිය (0039) 3403581603 සහ නිමාලි ජයමහ - (0039) 3483027997 යන දුරකථන අංක වලින් සම්බන්ධ කර ගත හැකි බවද විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කර තිබිණි.
උතුරු ඉතාලියේ වෙසෙන ලාංකිකයින් මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ (0039)2495365530, (0039)245395621 යන පොදු දුරකථන අංකයන් හෝ එහි කාර්ය මණ්ඩලයේ සදමාලි දිසානායක මහත්මිය (0039) 3888016268 යන දුරකථන අංකයෙන් හෝ චතුරිකා රොෂානි (0039)3887249016 යන දුරකථන අංකයෙන් සම්බන්ධ කර ගත හැකි යැයි එම ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය කියා සිටී
මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ වැනිතෝ හා ලොම්බාර්ඩියා යන ප්‍රාන්ත දෙක තුළ යැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර සිටී.එම ප්‍රාන්ත වල නගර කිහිපයක් මේවන විට වසා දමා නිරෝධනය කටයුතු සිදු කෙරෙන බවද සදහන් වේ.
මේ අතර එම ප්‍රදේශ වල වෙසෙන ලාංකිකයින් බොහෝ දෙනෙක් සහ රෝම අගනුවර වෙසෙන ලාංකිකයින් මෙම වෛරස් රෝගය බෝවීමෙන් වැලකීම සදහා මහජනයා ගැවසෙන ස්ථාන වලට නොගාස් නිවාස වලට වලට වී ආරක්ෂිතව පසුවන බවද තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ඇතැම් පිරිස් එදිනෙදා අවශ්‍ය ආහාර තොග නිවාස වල රැස් කර ගැනීම නිසා සුපිරි වෙළද සැල්හී ආහාර හිගයක්ද , මුඛ ආවරණ හා විෂ බීජ නාශක සේදුම්කාරකයන් හි හිගයක්ද පවතින බවද එහි වෙසෙන ලාංකිකයෝ කියා සිටිති.
( තිළිණි ද සිල්වා )