කොරියාවට ගිය 6000ක් නීති විරෝධීව රැඳී සිටිනවා



 ( විනීතා එම් ගමගේ)

දකුණු කොරියාවේ   ධීවර අංශයේ රැකියා සදහා ගිය ශ්‍රමිකයින් අතරින් 6000 අධික පිරිසක් සේවා ස්ථානවලින් පැන ගොස් නීති විරෝධීව රැදී සිටින බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

මෙම පැන ගිය පිරිස වෙනුවෙන් ණය ලබා ගැනීිමට අත්සන් කළ ඇපකරුවන්ට ණය ගෙවීමට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරිය පැවැසුවාය.

මෙසේ සේවා ස්ථානවලින් පැන යාම දෙරට අතර රැකියා ගිවිසුම කෙරෙහි බලපාන බවත් ඉදිරියේ දී ශ්‍රී ලාංකිකයනට ලැබෙන රැකියා අවස්ථාවලට ද එය බලපෑමට ඉඩ ඇති බවත් ඇය වැඩි දරටත් කීවාය.  


RECOMMEND POSTS