කොරියානු භාෂා විභාගයෙන් 3514ක් සමත්වෙලා



                        

     ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වුණු පළමු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් අපේක්‍ෂකයින් 3514 දෙනෙකු සමත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.         

     පසුගිය ඔක්තෝම්බර් 1 හා 2 යන දෙදින නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පැවති මෙම විභාගයට අයදුම්කරුවෝ 20187 දෙනෙකු ඉදිරිපත් වූහ. ධීවර අංශයේ රැකියා සඳහා විභාගය පසුගිය අගෝස්තු මස 8 සිට සැප්තැම්බර් මස 19 දක්වා දින 18ක් පැවැත්වු අතර ඒ සඳහා අපේක්‍ෂකයින් 3118 දෙනෙකු ඉදිරිපත් වූහ.

     නිෂ්පාදන අංශයේ විභාගයෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 100න් ලකුණු 98ක් ලබාගෙන ඇත්තේ අසංක ජිතුරංග මහතායි. නිෂ්පාදන අංශයේ අවම ලකුණු ප්‍රමාණය 60කි. ධීවර අංශයෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 77ක ප්‍රමාණය ලබාගෙන ඇත්තේ දමින්ද ජයශාන්ත මහතායි. එහි අවම ලකුණු මට්ටම ලකුණු 36කි. 

     මෙම විභාගයෙන් ඉහල ලකුණු ලබා ගත් අයදුම්කරුවන්ගේ නාමලේඛනය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය (නදරස්බ යමපැබ රුිදමරිැි ාැඩැකදචපැබඑ සඑබිසඑමඑැ)  විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර විභාගය කියවීම, සවන්දීම යටතේ පැවැත්වූ අතර එම ප්‍රශ්නපත්‍ර දෙකටම ලබාදුන් ලකුණු ප්‍රමාණය 100 කි. විභාගය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වන ලදි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහයෙන් විභාගයේ සියලු අධීක්ෂණ කටයුතු සිදුකෙරිනි.

      මෙවර විභාගය සමත් වූවන්ගේ නාමලේඛණය, ලබාගත් ලකුණු ප්‍රමාණය, නිපුණතා පරීක්ෂණ දිනය හා වේලාව කාර්යාංශයේ අඅඅගිකඉfැගකන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. නිපුණතා පරීක්ෂණ ඔක්තොම්බර් මස 17 සිට 20 දක්වා අනුරාධපුර, මහනුවර, රත්නපුර, කඩවත, ගාල්ල, අතුරුගිරිය, සීදූව, තංගල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, වව්නියාව, පොළොන්නරුව, බදුල්ල, මතුගම යන කාර්යාංශයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 14 කදී හා පැවැත්වෙන බව කාර්යාංශය නිවේදනය කරයි.

       මෙවර විභාගය නිෂ්පාදන අංශයේ හා ධීවර අංශයේ රැකියා සඳහා පැවැත්වුනි. කොරියානු රැකියා සඳහා ලාංකික තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සිය කොරියානු සංචාරයේදී එරට නිළධාරීන් සමඟ සාකච්ඡා කළාය. ඒ අනුව ඉදිරියේදී ධීවර, කෘෂිකාර්මික, හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා වැඩිවශයෙන් ලබාදීම සම්බන්ධවද සාකච්ජා කලහ. මේ වන විට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 26,000 ක් පමණ සේවය කරති.

       මේ වන විට කොරියානු රැකියා සඳහා වැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බැවින් , විවිධ ආකාරයෙන් සිදුවන වංචනික ක්‍රියාවන්ට කිසිඳු විටෙක් හසුනොවන ලෙසත් කාර්යාශයට හැර වෙනත් ආයතනයකට එරට රැකියා ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

(විනීතා එම්.ගමගේ)


RECOMMEND POSTS