කොරියා භාෂා පරීක්ෂණයට ප්‍රවෙිශ පත් දින දෙයි



2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියා භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2)‍ වෙත පිවිස අයදුම් කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතුය. මෙම සබැදිය විවෘත වන්නේ 2024.2.26 සිට වන අතර එය 29 දක්වා විවෘතව පවතින බව කාර්යංශය පවසයි.

ඉන්පසුව එම සබැදිය වසා දැමෙන අතර අයදුම් කිරිමටද නොහැකි වන බව කාර්යංශය කියයි.
නිෂ්පොදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදකිරීම්, යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ  ‍සේවා1 සහ සේවා 2 යටතේ අයදුම් කළ යුතු වේ.

විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.

වයස අවුරුදු 18 - 39 අතර අයකු වීම ( 1984 පෙබරවාරි 27 සිට 2006 පෙබරවාරි 26 දක්වා උපන් අයයකුවීම, උසාවියකින් වරදකරුවකු වී දඩ මුදල් ගෙවීමක් හෝ සිරදඩුවම් නොලැබුණු අයයකු විය යුතුය. එසේම කොරියානු ජනරජ‍යෙන් ආපසු හරවා එවු හෝ නෙරපා හැරි අයකු නොවීම,  ඊ-9  හෝ ඊ-10 යන වීසා කාණ්ඩ යටතේ වසර 05ක් හෝ ඊට වැඩි කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති අයකු විය යුතුවේ.


RECOMMEND POSTS