කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත ඇමති ඉරානයේ



කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ඉරානය බලා ගියේය. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා  සහභාගී වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht  මහතා  හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

ඉරානයේ පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට සහභාගී නොවීමට කලින්  තීරණය කර තිබුණත් ඉරාන ජනාධිපතිවරයා මෙරටදී  තමාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාල ප්‍රදර්ශනයට සහභාගී වීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉරානයේ දී එරට කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht   මහතා හමුවී කරන සාකච්ඡාවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.


RECOMMEND POSTS