කුවේට්හි විදේශ ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතතාවට නව නීති.
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කියයි
කුවේට් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර, ද්වීපාර්ශික සහයෝගීතාව වෙනදාට වඩා ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කලාෆ් බු ඩාහිර් මහතා ප්‍රකාශ කලේය.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය හා තානාපතිවරයා අතර විදේශ රැකියා අමාත්‍යංශයේදී පෙරේදා (18) පැවැති විශේෂ සාකච්ඡාවක දී තානාපතිවරයා මේ අදහස් පළ කර ඇත.
එහිදී ඉදිරියේදී කුවේට්හි රැකියා කරන ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව නීති රීති හඳුන්වා දෙන බවත්, කුවේට්හි රැකියා වෙළඳපොල තුළ විශාල රැකියා ප්‍රමාණයක් පුහුණු ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමට එරට සූදානම් බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී විදේශ රැකියා අමාත්‍යතුමිය විසින් කුවේට්හි රැකියා කරන ශ්‍රමිකයින්ගේ ගැටළු විසඳීම සඳහා ඉක්මණින් මැදිහත් වන ලෙසත් ඉල්ලීමක් කල අතර, ශ්රමිකයිනුගේ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියාය.
මීට අමතරව අමාත්‍යතුමිය කුවේට්හි සංචාරයක නිරතවෙමින් සිටියදී එරට කම්කරු අමාත්‍යතුමිය කල ඉල්ලීමට අනුව දෙරටේ සහයෝගිතාව වෙනුවෙන් ඒකාබද්ධ කමිටුව ඉතා ඉක්මණින් ආරම්භ කරන බවත්, සඳහන් කළාය. මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක මහත්මියද එක්වී සිටියහ.
මේ වන විට කුවේට්හි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 90845 දෙනෙකු පමණ සේවය කරති.