කැසොවරි කුරුල්ලන් ඇවිල්ලා



ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කරන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ කැසොවරි (Cassowary) කුරුල්ලන් තිදෙනකු තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එනු ලැබුණි.

මාස 9 ක් වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනකු සහ එක් කැසොවරි කිරිල්ලියක, ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ රැගෙන එනු ලැබුණි.

උස අඩි 5 ක් පමණ වැඩෙන, කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන මෙම කැසොවරි කුරුල්ලන්‍ පැස්බරුන් මෙනි. මොවුන්ට පියාසර කළ නොහැකිය. කැසොවරි බිහිසුණු ප්‍රචණ්ඩකාරී යෝධ කුරුල්ලෙකි

මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට මීමින්නන්, කළු වදුරන්, රිළව්, වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කීපයක්ම යැවීමට නියමිත බව පැවැසෙයි.

ගුවන් මගින් පැමිණ තිබූ කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සදහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය, සත්ව පාළක අශෝක ජයලත් සහ සත්ව භාරකරු අසංක ප්‍රනාන්දු යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියහ .


RECOMMEND POSTS