කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයින් 33කට ලක්ෂ 65කට අධික වන්දි
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් එරටදී විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 33 දෙනෙකු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල ම`ගින් ලක්ෂ 65කට අධික වන්දි මුදල් ප්‍රමාණයක් ඊයේ (31) බෙදා දෙනු ලැබිණි.
මෙසේ ලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 17ක් සඳහා රු.4,600,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 14 දෙනෙකු වෙනුවෙන් රු.1,850,000 හා ශ්‍රමිකයින් දෙදෙනෙකු වෙනුවෙන් රු.100,000.00 ද මුදලක්ද යැපෙන්නන් වෙත පිරිනමා ඇත.
විදේශ රැකියා සඳහා ලියාපදිංචි ශ්‍රමිකයින්ට වන්දි ලබාදෙන රක්ෂණ ක්‍රමයට ඇතුළත් නොවූ මියගිය හා ආබාධිත වූ වන්දිලාභීන් වෙනුවෙන් ල විගමනික සේවක සුභසාධන අරමුදල ම`ගින් මෙසේ වන්දි මුදල් ලබාදේ. ඒ අනුවල රක්ෂණ කාලය අවසන් වී තවදුරටත් එය දීර්ඝ නොකර සේවයේ යෙදී සිටි හා රක්ෂණ ක්‍රමය මගින් ආවරණය නොවූ තත්වයන් වෙනුවෙන් මෙම වන්දි ප්රදානය කෙරුනු බව විදේශ සේවා නියුක්ති කාර්යංශායේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එසේම මීට අමතරව විදේශ රැුකියාව කරන අතරතුරදී මිය ගිය හා එරට කළ රැුකියාව හේතුවෙන් මෙරටට පැමිණ මරණයට පත්වූ ශ්‍රමිකයින් 5 දෙනෙකු වෙනුවෙන් කාර්යාංශ රක්ෂණ අරමුදල ම`ගින් රුපියල් ලක්ෂ 20ක මුදලක්ද පිරිනමන ලදැයි හෙතෙම ස`දහන් කළේය.
විිනීතා එම් ගමගේ