කාන්තාවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි රටක් බිහිකරනවා - විදේශ රැකියා ඇමතිනිය කියයි



නිදහසේ  සැබෑ අර්ථය හදුන්වා දෙමින් ජීවත්වන වර්තමාන වටපිටාව තුල කාන්තා  දිනය වෙනුවෙන් එක් දිනක් පමණක් වෙන් නොකර අවුරුද්දේ දින 365 ම කාන්තාවන් වෙනුවෙන් වෙන් කොට තබා ජීවත් වීම සියලු දෙනාගේ යුතුකමක් යැයි විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය අදට යෙදෙන ජගත් කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. 

අතුකෝරල මහත්මිය විසින් නිකුත් කරනු ලැබූ එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.  

කාන්තා දිනය සැමරීම මෙවර තේමා කරගෙන ඇත්තේ තුන් කල් දකින්නී - සවියෙන් දිනන්නී තේමාව කර ගනිමිනි.
ශී‍්‍ර ලාංකීය ජන සමාජය තුල පීතෘමූලික ජන සමාජයක් බිහිවුවත් මාතෘත්වයට ඉහළ වටිනාකමක් ලබාදී තිබුණේ සැබවින්ම කාන්තාවන් වෙනුවෙන් ගරුත්වය, භක්තිය මැනවින් පෙන්නුම් කරමිනි. ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය ලෙස ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය බිහිවීමද, අප රටේ සමස්ථ කාන්තාවන්ට මහත් අභිමානයකි. 

ශී‍්‍ර ලංකාවට ලැබෙන වැඩිම විදේශ විනිමය ලබා දීම සදහා දායක වන්නේ මැදපෙරදිග ඇතුලූ රට වල රැුකියා කරන කාන්තාවන් බව ප‍්‍රකශ කරන්නේ ඒ පිළිබද හදවතින් සතුටු විය නොහැකි නමුත් සත්‍යය බව සදහන් කරමිනි. 

නිදහස් රටක නිදහස් සිතුවිලි මගින් කාන්තා අයිතීන් තහුවරු කිරීමටත් නව රජය ඒ සදහා සූදානම් වී සිටින බවත් අප සැවොම දන්නා කරුණකි. කාන්තාවකට අවශ්‍ය වන්නේ සම තැන නොව නිසි තැන බව අප රජය හදුනාගෙන තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුලින් මැතිවරණය සදහා 25% ක කාන්තා නියෝජනයක් ලබා දීමට යෝජනා කලේ ඒ අනුවයි. ඒ තුලින් දේශපාලන ප‍්‍රවාහයට කාන්තාවන් ඇතුලත් වීම හරහා රටේ තීන්දු තීරණ ගැනීමේදී කාන්තාව වැදගත් භූමිකාවක් ලෙස නිර්මාණය වීම සිදුවන බවයි.

විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් මෛතී‍්‍ර පාලනයක් - ස්ථාවර රටක් ප‍්‍රතිපත්තිය තුල විගමණික පවුල් වල සුභසාධනය ඇති කිරීම හදුන්වා දුන්නේද විදේශගත වන කාන්තාවන්ගේ පවුල් වල සුරක්ෂිතභාවය තහවුරු කර දීමටයි.

කාන්තාව විදෙස් ගත වීම හරහා ඇතිවන ගැටලූ නිරාකරණය කර දීමට හා ඔවුන්ගේ පවුල් වල සුරක්ෂිතතාවය මේ තුලින් කි‍්‍රයාත්මක කිරීම සදහා පසුගිය 2016 වර්ෂයේ  ජනවාරි 08 වන දින ශ‍්‍රමික සුරැකුම වැඩසටහන සදහා අප අමාත්‍යංශය මේ වන විටත් සිදු කරමින් පවතී. 

මීට අමතරව විගමණික ශ‍්‍රමිකයන් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හදුන්වා දීම සදහන් වූ අතර එය මේ වසර තුල කි‍්‍රයාත්මක කිරීමට නියමිත බවත්, ඒ තුලින් වසර ගණනාවක් දුක් මහන්සි වී රැුකියාවක් කර දිවයිනට පැමිණෙන කාන්තාවට තම ජීවිතයේ සදෑ කාලය මහත් අභිමානයෙන් යුතුව විශා‍්‍රම වැටුපකට හිමකම් කියමින් ගත කිරීමට හැකියාව උදාවේ. 

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS