කටාර්හි ශ්‍රී ලංකික ගෘහ සේවිකාවට සිර දඬුවම්



කටාර් හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවකට එරට අධිකරණය විසින් වසරක සිර දඬුවමක් නියම කර ඇතැයි එරට මාධ්‍ය හෙලි කරයි.

එම කාන්තාව සිරදඬුවම අවසන් වීමෙන් පසු එරටින් පිටුවහල් කිරීමට ද නියම කර ඇතැයි වාර්තාවේ.

මීට පෙර ද ඇය නිවෙස් හිමියාගේ මාස 09 ක් වයසැති දරුවාට හිරිහැර කිරීම පිළිබඳව චෝදනාවට ලක්ව ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ දී නිසි සාක්ෂියක් නැතිවී ම නිසා ඇය නිදහස් වී ඇතත්, ඇය පිළිබඳ සාක්ෂි සපයා ගැනීම සඳහා නිවැසියන් හොර රහසේම නිවෙස තුළ ආරක්ෂිත කැමරා සවි කර ඇත.

මෙවර ඇය නිවැසියන්ගේ මුදල් සොරකම් කරනු හා නිවැසියන්ගේ බිළිඳාට හිරිහැර කරනු දැක්වෙන සී සී ටී වී කැමරා දර්ශන සහිතව නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ අනුව අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකික කාන්තාවට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් පසු මෙකී දඬුවම නියම  කර ඇතැයි වාර්තාවේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS