කටාර්හි ශ්‍රී ලංකා තානාපති ආපසු කැඳවයි
කටාර්හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්. එම් කරුණාදාස මහතා මේ මස අගදී යළි දිවයිනට කැදවීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් කටාර්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පත්ව ඇති අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් කරුණු හෙළිවීමෙන් අනතුරුව ඔහු නැවත දිවයිනට කැදවීමට තීරණය කළ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ වනවිටත් අදාළ තානාපතිවරයා ඉවත්කිරීම සඳහා අවශය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
අදාළ තානාපතිවරයාට මීට පෙර විවිධ අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය අවස්ථා කිහිපයකදීම දැනුම්දීම් සිදුකළද ඔහු දිගින් දිගටම නිසි පරිදි ක්‍රියා නොකරන නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහු යළි දිවයිනට ගෙන්වා ගන්නට අමාත්‍යාංශය තීරණය කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ,නුදුරේදීම නව තානාපතිවරයෙක් පත් කිරීමටත් සියලු කටයුතු සිදුකර ඇති බවද ඇමතිවරයා පැවසීය. මේවන විට කටාර් රාජ්‍යෙය් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 50000කට වැඩි පිරිසක් ජීවත් වෙති.
මහාචාර්ය ඩබ්. එම් කරුණාදාස මහතා කටාර්හි ශ්‍රී ලංකා තානාපති ධූරයේ වැඩබාර ගනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් මාසයේදීය වත්මන් රජය යටතේ සිදු කළ එම පත්කිරීම දේශපාලන පත් කිරීමක්ද විය. හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ ජාත්‍යන්තර සබදතා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.