කටකතාවලට රැවටෙන්න එපා



වලංගු වීසා නොමැතිව නීති විරෝධි අයුරින් කුවේට් රාජ්‍යයේ රැඳී සිටින විදේශිකයන්ට පොදු සමා කාලයක් ලබා දී ඇති බවට සමාජ ජාලයන්හි පැතිරෙමින් ඇති තොරතුරෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එවැනි නිවේදනයක් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ද එවැනි නිවේදනයක් නිකුත් නොකළ බවට තහවුරු කළ බව ද එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සමාජ ජාලයන්හි පැතිර ඇති අසත්‍ය තොරතුරක් නිසා මේ වන විට එහි වෙසෙන ශ්‍රි ලාංකිකයන් කලබලයට පත්ව ඇති නමුත් එවැන්නක් සිදුව නැතැයි ද එහි සඳහන්ව තිබේ.         

විනීතා එම් ගමගේ                      


RECOMMEND POSTS