එක්සත් අරාබි එමීරයේදී ලාංකීය කාන්තාවක ඝාතනය කරලා



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් පිහියෙන් ඇණ මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලාංකිකයෙකු සාජා පොලීසිය විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට පත් වුයේ තිස් අට හැවිරිදි ලාංකිකයෙකි.

ඝාතනයට ලක්වූ කාන්තාව වසය අවුරුදු 28ක් පමණ වූ කාන්තාවකි.

මෙම සැකකරු විසින් අදාළ ඝාතනය සිදු කර පැය අටක් යාමට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට සාජා රහස් පොලීසියට හැකි වී ඇතැයි කලීජ් ටයිම්ස් වාර්තා වේ දැක්වේ.

මෙම සැකකරු සහ ඝාතනයට ලක්වු කාන්තාව අතර අනියම් සම්බන්ධයක් පැවති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.නමුත් මෙම ඝාතනයට පැහැදිලි හේතුව කුමක්ද යන්න නිශ්චිතව හෙළි වී නොමැත.

සාජා හි මෙයාසලූන් ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ඝාතනයට ලක් වූ කාන්තාව පසුගිය 14 දා ඇගේ නිවසේ පිහිනුම් තටාකය අසල මරා දමා තිබියදී හමුවූයේ සාජා පොලීසියට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුවය.

පසුව සිද්ධියට සම්බන්ධ ඝාතකයා සොයා සාජා රහස් පොලීසිය ඝාතනය සිදුවූ ස්ථාන⁣යේ ඇගිලි සලකුණු පරීක්ෂන පවත්වා ඇති අතර ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණ වලින්  පසුවසැකකාර ලාංකිකයා ගේ ඇගිලි සලකුණු සමාන වීමත් සමග අදාළ ඝාතනය සිදු කර පැට අටක් යාමට මත්තෙන් මොහුව අත්අඩංගුවට ගැනීමට සාජා පොලීසිය පියවර ගෙන ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS