ඊශ්‍රායල ජාතිකයෝ 22ක් පිටව යති



ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් අද (24) දින අලුයම පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල කිරීමට සැළසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැදී සිටීම අවදානම් බව ප්‍රකාශ කිරීමත් සමග , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත්, ඔවුන් පිටත් කර හැරීම සදහා පියවර ගෙන තිබුණි .

මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි බලා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානයෙන් අද අලුයම 03.03 ට පිටත්ව ගොස් තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ සිට නියමිත කාළසටහනකට අනුව ඊශ්‍රායලය වෙත ගමන් කරන ගුවන් යානා නොමැති නිසා , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊශ්‍රායලයේ ටෙල්අවිව් හෝ ජෙරුසෙලම ගුවන් තොටුපොළ පිටත්ව යාමට නියමිතය .


RECOMMEND POSTS