ඉන්දීය විදෙස් ඇමැති එයි



බිම්ස්ටෙක් සමුළුවට ද සහභාගී වීමේ අරමුණින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ඉන්දිය විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණියේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකිනි.

ඊයේ (27) රාත්‍රි 9.18ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණි එම ගුවන් යානයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග තවත් නියෝජිතයන් තිදෙනකු පැමිණි බව ද පැවැසෙයි.

ඔවුන් පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ද ගුවන් තොටුපළට පැමිණ සිටි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුවය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුලු රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හමුවීමට නියමිතය.


RECOMMEND POSTS