ඉන්දියාවෙන් ලැබුණු විශිෂ්ටතම ත්‍යාගය



ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ලද විශිෂ්ටතම ත්‍යාගය බුදුදහම යැයි තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මුණ ගැසීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සඳහන් කරයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කුෂිනගර් වෙත ගමන් කළ පළමු ගුවන් යානයෙන් ඉන්දියාවට ගිය අතර එහිදි කුෂිනගර් ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

ඉන් අනතුරුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැ‌සී සාකච්ඡා පැවැත්වීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ලෙස අප සෑම විටම අපේ ජාතීන් සහ වැසියන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගත්තා යැයි නාමල් රාජපක්ෂ මහතා කියයි.

එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්ම යැයි ද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.


RECOMMEND POSTS