ඇමෙරිකාව නඩු දාලා



බැඳුම්කර හිමියකු, ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ෆෙඩරල් අධිකරණයක නඩු පවරා ඇත.

ශ්‍රී ලංකාව ඉකුත් අප්‍රේල් මාසයේ දී ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කළ අතර මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි.

හැමිල්ටන් රිසව් බෑන්ක් ලිමිටඩ් (Hamilton Reserve Bank Ltd.) බැංකුව මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා ඇත.

හැමිල්ටන් රිසව් බෑන්ක් ලිමිටඩ් (Hamilton Reserve Bank Ltd.), ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් සතු ය. එම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ලබන මස 25 (ජූලි) වැනිදා කල් පිරීමට නියමිත ය.

ඊට අදාළව සම්පූර්ණ මුදල සහ පොලී මුදල ගෙවන්නැයි ශ්‍රී ලංකාවට නියෝග කරන ලෙස ඉල්ලමින් අදාළ බැඳුම්කර හිමියා මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබේ.

(බ්ලූම්බර්ග් ඇසුරිනි)


RECOMMEND POSTS