ඇමෙරිකන් නව තානාපතිනිය



ජුලී චංග් මහත්මියගේ සේවා කාලය අවසන් වීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති ධුරයට එරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන එලිසබත් කැත්‍රින් හෝස්ට් නම් කර ඇත.

කැතරින් හෝස්ට් ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති ධුරයට පත්වන්නේ ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය සහ ශ්‍රී ලංකා රජයේ කැමැත්ත හිමිවීමෙන් පසුවය.

හෝස්ට් මහත්මිය මේ වනවිට පාකිස්තානය සම්බන්ධයෙන් පත් කළ ඇමෙරිකන් ප්‍රධාන නියෝජිතවරිය ලෙසත් නියෝජ්‍ය සහකාර ලේකම්වරිය ලෙසත් කටයුතු කරමින් සිටී.

හෝස්ට් මහත්මිය, ජර්මනියේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ අමාත්‍ය උපදේශිකාවක ලෙසත්, විදේශ සේවා කටයුතු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක ලෙසත් තටයුතු කර ඇත.

ඊට අමතරව ඇය යුක්රේනයේ, ඇෆ්ගනිස්තානයේ, රුසියාවේ, ටජිකිස්තානයේ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරියක ලෙස කටයුතු කර ඇත.

(ඩේලි මිරර්)


RECOMMEND POSTS