ඇමෙරිකන් තානාපති මුදල් ඇමැති හමුවක්



ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුණ ගැසුණු බව මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සහයෝගීත්වයෙන් මෙම අර්බුද විසඳිය හැක්කේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෞභාග්‍යමත්, නවෝත්පාදන, අන්තර්කරණය සහ සිය අසල්වැසියන්ට සම්බන්ධ විය යුතු බවත් එය අප සියලු දෙනාම බලාපොරොත්තුව බවත් තානාපතිනිය සඳහන් කර ඇත.

මේ නිසා පශ්චාත් කොවිඩ්-19 සමයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වය පත් කිරීමට සහාය වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 17.9ක දායකත්වයක් දක්වා ඇතැයි ද තානාපතිනිය තවදුරටත් සඳහන් කර ඇත.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS