ආසාදිතයන් හමුවුණේ 220 ක් පමණයි
සංචාරකයන්ට නිල වශයෙන් රට විවෘත වූ දින සිට මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 21,915 දෙනෙකු පමණක් බවත්, ඉන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ සංචාරකයින් 220 දෙනෙකු පමණක් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත.
එබැවින් විපක්ෂය ප්රමුඛ ඇතැම් පිරිස් කොවිඩ් වසංගතය රටතුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
ෙකාවිඩ් ආසාදිත සංචාරකයින් 220 දෙනා ගෙන් 150 දෙනෙකු මේ වන විට සුව වී සිය රට බලා ගොස් ඇති අතර සෙසු පිරිස සෞඛ්‍ය අංශ වල දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා කීය.
මෙතෙක් කොවිඩ් අසාදීත යැයි වාර්තා වී ඇති සංචාරකයන් 220 දෙනාගෙන් කිසිවෙකු මෙරට සමාජය හා සම්බන්ධ නොවූ බවත් , සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියවලිය ජෛව විද්‍යාත්මක බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් සමාජයට නිරාවරණය නොවූ බවද අමාත්‍යවරයා කීය.
දෙවන කොවිඩ් රැල්ල පැතිර යන කාලය තුළ රට සංචාරකයන්ට වීවෘත කර නොතිබු අතර රට සංචාරකයන්ට විවෘත වුයේත් නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුයේත් කොවිඩ් දෙවන රැල්ලෙන් පසුව බව සෞඛ්‍ය වාර්තා තහවුරු කරයි. ඉන්දියානු ඩෙල්ටා ප්‍ර භේදය හා දකුණු අප්‍රිකානු ප්‍ර භේදය ද මෙරට මුලින් ම වාර්තා වී ඇත්තේ ද එම රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදොනකුගෙන් බව ද සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණි.
මෙරට සංචාරක ව්‍යාපාරය හේතුවෙන් කොවිඩ් වසංගතය පැතිර ගිය බවට නැවතත් විපක්ෂයට සම්බන්ධ පිරිස් හා ඇතැම් පාර්ශව චෝදනා කරන බවත් ,එය අසත්‍යයක් බවද හෙතෙම වැඩිදුරටත් කීය.
‘සංචාරක බුබුළ සංකල්පය‘ රජයේ හෝ සංචාරක අමාත්‍යංශයේ හිතුවක්කාර ක්‍රියාවලියක් නොවන බවත් , එය දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය බළධාරීන් සමග ද සාකච්ඡා කර සෞඛ්‍ය බළධාරීන් විසින් විටින් විට නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කොවිඩ් වසංගතයෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරයේ නිරත ව සිටි ලක්ෂ 30 ක් පමණ වන මෙරට ජනතාවට සහන සැලසීම සදහා රජය ගනු ලැබු පියවරක් යැයිද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සංචාරකයන් මෙරටට ගෙන්වීමේ දී සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක අමාත්‍යාංශය කටයුතු කරනුයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව බැවින් සංචාරකයන් ගෙන්විම සදහා කටයුතු කරන ලෙසට සියලුම සංචාරක නියෝජිත ආයතනවලට උපදෙස් ලබා දී ඇති අතර ඒවා නිසි ලෙස අනුගමනය නොකරන ආයතනවලට එරෙහි ව දැඩි පියවර ගන්නා ලෙස ද අදාළ අංශ වෙත තමා උපදෙස් දුන් බවද ඔහු කීවේය.
සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩුව විවේචනය කිරීම පමණක් සිය දේශපාලනය කරගත් විපක්ෂය හා ඔවුන්ට කත් අදින විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් මේ වන විට සංචාරකයන්ට රට විවෘත වීම නිසා කොවිඩ් පැතිරෙන බවට කරන ප්‍රකාශ කිසිදු පදනමක් නැති ද්වේශ සහගත ප්‍රකාශ බවත් , ඒවාට නොරැවටෙන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සංචාරක අමාත්‍යවරයා කීවේය.
( තිළිණි ද සිල්වා )