ආර්ථිකය ගොඩගන්න සෞදියේ සහාය



සෞදි අරාබියේ ආර්ථික හා ක්‍රමසම්පාදන අමාත්‍ය එච්.ඊ. ෆයිසාල් එෆ්. අලිබ්‍රහිම් මහතා සහ මෙරට අමාත්‍යවරු අතර හමුවක් පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික, බලශක්ති සහ සංචාරක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූ බව ද ඒ මහතා කීය.


RECOMMEND POSTS