ආර්ථික සහ දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා



ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඇමෙරිකා එක්සත් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආසියාන් කලාපීය සංසදයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් මේ දිනවල පැවැත්වෙන අතර ඊට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් කාම්බෝජයට පැමිණ සිටිති.

ඒ රැස්වීම් අතරවාරයේ දී දෙරටේ විදේශ අමාත්‍යවරුන් මෙලෙස හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

කාම්බෝජයේ නොම් පෙන්හිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණ ගැසුණු බවත් එහිදි රුසියාව, යුක්රේනය ආක්‍රමණය වීමෙන් සිදු ව තිබෙන බලපෑම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.


RECOMMEND POSTS