ආරක්ෂක හේතුවක් නිසා ඉන්දීය වීසා මධ්‍යස්ථානය වසා දැමේ



ආරක්ෂක හේතු මත කොළඹ ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා තබන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ අයි.වී.එස්. පෞද්ගලික සමාගම (IVS Pvt Ltd), වීසා අයදුම් මධ්‍යස්ථානයේ ඊයේ (14) සිදු වූ සිදුවීමක් මුල් කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් සම්මුඛ සාකච්ඡා සඳහා වීසා අයදුම් මධ්‍යස්ථානය ලබා දී ඇති දින වෙනස් කරගන්නා ලෙස එම මධ්‍යස්ථානය සියලු අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද ඉන්දීය මහ කොමසාරිස් නිකුත් කළ නිවේදනය දැක්වේ.

හදිසි කොන්සියුලර්/වීසා ගැටලුවක් දුරකතන මාර්ගයෙන් මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වන්නැයි ද එහි සඳහන් ය.

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS