ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ 4ක් සඳහා නව නීති

ධීවර අමාත්‍යාංශය විසින් විදේශීය මත්ස්‍ය විශේෂ 4ක් වන පිරන්හා (Pygocentrus spp), නයිෆ් ෆිෂ් (Chitala spp), ඇලිගේටර් ගාර් (Atractosteus spatula) සහ රෙඩ් ලයින් ස්නේක් හෙඩ් (Channa micropeltes) ආක්‍රමණශීලී විශේෂ ලෙස නම් කරමින් ඒවා සඳහා නව නීති මාලාවක් පැනවීමට තීරණය කර ඇත. දකුණු ඇමරිකාව සහ අග්නිදිග ආසියාව වැනි කලාපවලට ආවේණික මෙම මත්ස්‍ය විශේෂ, ශ්‍රී ලංකාවේ ස්වභාවික ජලජ පරිසර පද්ධතිවලට සහ දේශීය මත්ස්‍ය විශේෂවලට බරපතල තර්ජනයක් එල්ල කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිරි මාසය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත ගැසට් නිවේදනයක් මගින් මෙම මත්ස්‍යයන් ආනයනය, අපනයනය, බෝ කිරීම, විකිණීම සහ ජල මූලාශ්‍රවලට මුදා හැරීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් කෙරේ. මෙමගින් දේශීය ජලජ පරිසරය ආරක්ෂා කිරීම සඳහා වැදගත් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සටහන
සශිනි අප්සරා

