අසින් ඔට්ටමාතර හිමියන්ගේ පොත දොරට වඩී



බෞද්ධ ඉගැන්වීම් සහ ප්‍රායෝගික අධ්‍යාපනය පිළිබඳව, පූජ්‍ය ආචාර්ය අසින් ඔට්ටමාතර (අවුන් කෝ කෝ) හිමියන් විසින් රචිත ග්‍රන්ථය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති විශේෂ උත්සවයකදී එළිදැක්විණි.

එම උත්සවය සංවිධානය කරන ලද්දේ කැලණිය ගෝනවල පට්ටිවිල ධර්ම හඬ ජාත්‍යන්තර මධ්‍යස්ථානය විසිනි. අතිපූජ්‍ය හිමි මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත හිමියෝ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට, වල්පොල පියනන්ද හිමි, මොරොත්තෙටුවේ ආනන්ද හිමි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, හිටපු අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, තිස්ස අත්තනායක යන මහත්වරුන් ද විදේශගත මහා සංඝරත්නය සමඟ සම්භාවනීය ආරාධිතයින් ලෙස එක් වූහ.

අසින් ඔට්ටමාතර හිමියන් ග්‍රන්ථයේ මුල් පිටපත මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිපාණන් වහන්සේට පිළිගන්වන ලදී.


RECOMMEND POSTS