අලි සබ්‍රි - නිර්මලා සීතාරාම් හමුක්



මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අතර සාකච්ඡාවක් වොෂින්ටන් නුවර දී ඊයේ (18) පැවැත්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ දී මෙම සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකමක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට ඉන්දියාවේ පූර්ණ සහයෝගය හිමිවන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය මෙහිදි පවසා ඇත. 


RECOMMEND POSTS