අගමැතිතුමන්ගේ සුබ පැතුම්



ජනගහනයෙන් බිලියනයක් (කෝටි 100ක්) එන්නත්කරණයට ලක් කිරීමේ සන්ධිස්ථානය පසු කිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියාවට සුබ පැතුම් එක් කර ඇත.

ඉන්දියාව එරට ජනගහනයෙන් කෝටි 100ක් එන්නත්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වේ.

“ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දියාවේ සෞඛ්‍ය/වෛද්‍ය ප්‍රජාව, ඉදිරි පෙළ කාර්යමණ්ඩලය ඇතුළු සියලු දෙනාට යෝධ කර්තව්‍යය වෙනුවෙන් සහ සන්ධිස්ථානය පසු කිරීම වෙනුවෙන් සුබ පැතුම් එක් කරනවා. ඉදිරියට යමින් නව සාමාන්‍ය තත්ත්වයට හුරුවීම එන්නත්කරණයේ සාර්ථකත්වය මත රැඳී පවතිනවා. මෙම සන්ධිස්ථානය පසු කිරීම වෙනුවෙන් සුබපැතුම්”.

(රොයිටර්)


RECOMMEND POSTS