42 වැනි ජාතික යෞවන සම්මාන උළෙල



ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 42 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙයන් පැවැත්විණි.
 
යෞවන සම්මාන උළෙල තවත් වර්ණවත් කළ කැපී පෙනෙන සිදුවීම වූයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උළෙලට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, සියලුම සම්මානලාභීන්ට සම්මාන ප්‍රදානය ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් ලවා ලබා ගැනීමට සළස්වා එදෙස බලා සිටීමය.
 
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට නොහැකි වූ 42වැනි ජාතික යෞවන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාවේ ජව සම්පන්න තාරුණ්‍යයේ සංවිධාන ශක්තියෙනි.
 
නැගී එන ජව සම්පන්න තාරුණ්‍යයේ කලා හැකියාවන් ඇගයීමට ලක්කිරීම සඳහා පැවැති 42වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ දී සිංහල හා දමිළ කෙටි නාට්‍ය, දිගු නාට්‍ය, ගද්‍ය හා පද්‍ය රචනා ගායන, වාදන නර්තන යනාදී තරග අංශ 45ක් යටතේ තරුණ නිර්මාණකරුවන් 130කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරිණි.
 
විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් වෙනුවෙන් ද නිවේදන, කථික,යොවුන් ගායනා, ජන ගායනා, චිත්‍ර හා නව නිර්මාණ නැටුම් යනාදී තරග අංශ සඳහා යෞවන සම්මානවලට අමතරව සහතික හා වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම මෙවර උළෙල තවත් අර්ථවත් කළේය.
 
2020 යෞවන සම්මාන උළලේ කෙටි චිත්‍රපට අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනාගැනීමට තරිඳු ලොකුආරච්චි අධ්‍යක්ෂණය කළ My Father is a dog කෙටි චිත්‍රපටය සමත් විය.
.com/img/a/
.com/img/a/
කෙටි චිත්‍රපට අංශයේ හොඳම කැමරාකරණයට හිමි සම්මානය දිනාගනු ලැබුවේද My Father is a dog වෙනුවෙන් විහඟ පතිරගේ විසින් වන අතර එම චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු පහන්දි වල්පිට ළමා රංගන ශිල්පිනිය හොඳම නිළිය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය දිනාගනු ලැබීය. 
 
එමෙන්ම හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත සඳහා තරිඳු ලොකුආරච්චි නිර්දේශ වුණු අතර හොඳම සංස්කරණය වෙනුවෙන් My Father is a dog සංස්කරණය කළ අසංක වික්‍රමසිරි නිර්දේශ විය. 
 

යෞවන සම්මාන උළලේ වාර්තා කෙටි චිත්‍රපටයක් වෙනුවෙන් ලබාදෙන සියළු සම්මාන දිනාගැනීමට අරවින්ද වන්නිනායක අධ්‍යක්ෂණය කළ ‘දවසක් (A Day)’ වාර්තා චිත්‍රපටය සමත්විය. 

.com/img/a/
.com/img/a/
එහිදී හොඳම නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීත නිර්මාණය, හොඳම කැමරාකරණය, හොඳම පිටපත, හොඳම සංස්කරණය යන සම්මාන හය ‘දවසක්’ වාර්තා චිත්‍රපටයට හිමිවිය.

RECOMMEND POSTS