සෞදියේදී මරණ දඬුවම නියම වූ රාණි යළි ශ්රී ලංකාවට
සවුදි අරාබියේ දි මරණ දඬුවම නියම වී සිටි තවත් කාන්තාවක් වෙනුවෙන් ඇපෑලක් ඉදිරිපත් කර ඇය නිදහස් කර ගැනිමට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා එරට ශ්රී ලංකා තානාපති කාර්යාලය සමත් වී ඇත.
ගලේවෙල කොළොන්ගොල්ල පදිංචි 29 හැවිරිදි එක් දරු මවක වන මාණික්කම් රාණි මෙසේ මරණ දඬුවමින් බේරාගෙන ඇති අතර ඇය ඉකුත් දා මෙරටට පැමිණ ඇත.
2014 වසරේ අගෝස්තු 8 වැනිදා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ ගත වී ඇති ඇයට එම වසරේම නොවැම්බර් 18 වැනිදා හාම්පුතා ගේ දරුවාට කිරි පොවමින් සිටියදී දරුවා මිය යාම හේතුවෙන් මෙසේ මරණ දඬුවම හිමි වී තිබේ.
දරුවාට කිරි හිර වීම හේතුවෙන් දරුවා මිය ගියේ ඇය අතින් නොව තම ස්වාමි දුව අතින් බව පුන පුනා කීවත් එය පිළිනොගෙනෙ තමන් සිරගත කළ බව රfණි මහත්මිය ලංකාදීපයට ඊයේ (21) පැවැසුවාය.
තමන් මුශුණ දුන් සිද්ධිය පිළිබඳව ඇය තව දුරටත් මෙසේ ද කීවාය.
උල් ගුරියාන් ප්රදේශයේ නිවසක සේවය කළ මට බලා ගන්න තිබුණෙ මාස 9 ක දරුවෙක්. ඒ ගෙදර හරි හමන් කෑමක් බීමක් වත් දෙන්නේ නැහැ. මරව මරව වැඩ ගන්නවා. දවසටම රොටි කෑල්ලක් විතරයි.
දරුවා බලා ගත්තට මම කිරි එක පොවන්නේ නැහැ. හදල මාඩම්ට කියනවා. එදත් එහෙම කළා. එයා කිරිපොව පොවා ඉඳල මට ඇවිත් කිව්වා ළමය මැරිල කියල. අන්තිමට මම මැරුව කියල මට චෝදනා කලා. මට මරණ දඬුවම නියම වෙලා තියෙද්දි තානාපති කාර්යාලයත් ඇමති තුමීත් මම වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඊට පස්සේ තමයි දරුවා මැරුණෙ සූප්පුව හිරවෙලා කියල මරණ පරික්ෂණ වාර්තාවෙන් එළි කර ගත්තෙ.”
නඩු විභාගය අවසානයේ ඇයට මරණ දඬුවම නියම වී ඇති අතර ඇය එම දඬුවම ලබා දෙනතුරු ජෙඩා හි බී්රමාන් බන්ධනාගාරයේ රඳවා සිටියදී මේ සිද්ධිය පිළිබඳ තොරතුරු දැන ගත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය කාර්යංශය හරහා ඇය වෙනුවෙන් නිීති ආධාර ලබාදී ඇගේ දඩුවමට එරෙහිව ඇපෑලක් ගොනුකර තිබේ.
එම ඇපෑල අනුව ඇයට දෙවසරක සිර දඬුවමක් නියම වූ බවත් එම දඬුවම අවසානයේ මෙරටට පැමිණී බවත් එම කාන්තාව තව දුරටත් පැවැසුවාය.
තමන් මරණයෙන් ගලවා ගැනීම පිළිබඳව තලතා අතුකෝරල මහත්මියට පින් දෙන බව කී ඇය ඇමතිනිය මැදිහත් වූ නිසා තමන්ට තම දියණිය ගේ මුහුණ යළි දැක ගැනීමේ වාසනාව ලද බවද කීවාය.
(විනීතා එම්.ගමගේ)