සිසුන් 33 ක් වූහාන් වලින් ලංකාවට

චීනයේ වුහාන් නගරයේ සිට යළි දිවයිනට පැමිණි සිසුන් ඊයේ (01) දහවල් දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබීය.
එම සිසුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL - 1423 දරණ විශේෂ ගුවන් යානය පෙරවරු 7.40 ට මත්තල රාජපක්ෂ අනතර් ජාතික ගුවන්තොටුපලට ළඟා වූ අතර මේ සමඟම වුහාන් නගරයේ සිටි සිසුන් සිය රටට රැගෙන ගිය සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින උසස් මට්ට මේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ වත්මන් රජය කෙරෙහි චීන රජය තබා ඇති දැඩි විශ්වාසයත් හේතුවෙන් සිසුන් කඩිනමින් ගෙන්වා ගැනීමට හැකිවූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය, විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ චීන තානාපති කාර්යාලය, සිවිල් ගුවන්සේවා අධිකාරිය, ශ්‍රි ලංකා යුධ සහ ගුවන් හමුදාව ගත් සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකි වු බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
මත්තල ගුවන් තොටුපලට ළඟා වූ පිරිස අතර කුඩා ළමුන් සිවු දෙනෙක් වූහ. සියලූ දෙනා හැඳ සිටි ඇඳුම් වෙනුවට අළුත් ඇඳුම් ලබා දීමෙන් පසු පූර්ණ සෞඛ්‍ය පරීකෂණයකට ලක් කෙරිණ.
ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට අනාවරණය කර ගැනීමෙන් අනතුරුව දියතලාව බලා රැගෙන යනු ලැබිණ.ඊට සනීපාරකෂක පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යොදාගත් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
යුද හමුදාපති තුමාගේ උපදෙස් පරිදි පැය 72 ක් වැනි කෙටි කාලයක දී දියතලාව යුද අභ්‍යාස කඳවුරේ ස්ථාපනය කෙරුණු නේවාසික පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සම්පූර්ණ කෙරිණ.
යුද හමුදාවේ හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කණ්ඩායම් සහ මහජන සෞඛ්‍ය නිලදාරීන් ද නිරෝධා යන ක්‍රියාවලිය අධීකෂණයට එක්ව සිටිති.
දින 14 ක අධීක්ෂණයෙන් පසු සිසුන් දෙමාපියන්ට බාර දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේ.
( තිළිණි ද සිල්වා )

