ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ සැලැස්මක්



වත්මන් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුළ එළිදක්වන ලද නව ව්‍යවස්ථා යෝජනා ඒකීය ශ්‍රී ලංකාව රටවල් නමයකට බෙදා වෙන් කිරීමේ සැලසුමක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කියා සිටී.

මෙම යෝජනාවලිය මඟින් පැහැදිලිය ඔප්පු වී තිබෙන තිබෙන කරුණ වන්නේ සන්ධීය රාජ්‍යයක් නැතහොත් ෆෙඩර්ල් රාජ්‍යයක් බිහිකිරීම සඳහා පිඹුරුපත් සැකසීම බවත් , ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා පෙන්වා දේ.

එබැවින් ‘ඒකීය’ යන සිංහල වචනය පමණක් භාවිතයට ගනිමින් ඉදිරිපත් කර ඇති කූට බෙදුම්වාදී ලියවිල්ල එකහෙළා ප්‍රතික්ෂේප කරමින් ඊනියා බෙදුම්වාදීන්ගේ උත්සාහය පරාජයට පත් කිරීමට ජාති , පක්ෂ පාට භේදයකින් තොරව එක්වන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සමස්ත ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටින බවද එහි සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා කියා සිටී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල වාර්තාවේ පළමු වන පරිච්ඡේදයෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ස්වභාවයෙහි ඒකීය තත්ත්වයක් නොමැති බව මැනවින් දක්වා ඇති බවත් සඳහන් කරන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පෙන්වා දෙන්නේ එය එම වාර්තාවෙහි ශ්‍රී ලංකා රාජ්‍යයෙහි ස්වභාවය විස්තර කරනු ලබන “ ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ නිශ්චිත දක්වා ඇති බලතල ක්‍රියාත්මක කරනු ලබන්නා වූ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන සංයුක්ත වන්නා වූ ඒකීය රාජ්‍යයක් ( ඔරුමිත්ත නාඩු ) වන්නාවූ නිදහස් ස්වෛරී , ස්වාධීන ජනරජයක් වේ ” යන වගන්තියෙන් පැහැදිලි වන බවද කියා සිටී.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS