විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේත් ඉන් පසුවත් විමසිල්ලෙන් පසුවන්නැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට සිටින ඇමෙරිකානු පුරවැසියන්ට සිහි කැඳවීමක් කර තිබේ.
ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (16) දිනයේදීත් ඉන් පසුවත් පෙළපාලී පැවැත්වීමේ ඉඩ කඩක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින්නැයි ද ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු පුරුවසියන්ට දැනුම් දී තිබේ.
එහෙත් ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී පනවා තිබූ දෙවැනි මට්ටමේ සංචාරක අවදානම වෙනස් කර නැත.
ඉන්දීය සහ ඔස්ටේලියානු මහ කොමසාරිස් කාර්යාල ද ඔවුන් පනවා තිබූ සංචාරක අවදානම්වල කිසිදු වෙනසක් මෙතෙක් කර නැත.
හර්ෂණ තුෂාර සිල්වා