විදේශ ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව වැඩ සටහනක්



විදේශ රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල දූ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ශිෂ්‍යත්ව වැඩ සටහනක් ක්‍රිීයාත්මක කරන බව ඔබ දන්නවාද?

                පහ වසර ශිෂ්‍යත්වය සමත්, අපොස සාමාන්‍ය පෙල සමත් හා අපොස උසස් පෙළ සමත් දූ දරුවන් වෙනුවෙන් මේ ශිෂ්‍යත්ව ලැබෙනවා.

                ඒ සඳහා විදේශ රැකියාවේ යෙදී සිටින්නා කාර්යංශයේ ලියා පදිංචි  වී විදේශ ගත  වී සිටිය යුතුයි. ලියා පදිංචි කාල සීමාව ඉක්මවා ඇති විටෙක ලියාපදිංචිය අලුත් කර තිබිය යුතුයි.

                2016 පහවසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට හා 2105 වසරේ සාමාන්‍ය පෙල හා උසස් පෙල සමත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමට ලබන වසරේ ජනවාර්ි මාසයේ අයදුම්පත් කැඳවනවා. ඔබටත් ඔබේ දරුවා වෙනුවෙන් මේ ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කළ හැකි දැයි බලන්න. අයදුම්පත් ජාතික පුවත්පත්වල පළකෙරෙනවා. එමෙන්ම කාර්යංශයේ වෙබ් අඩවිය වන (අඅඅගිකඉfැගකන) වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකියි.

                පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් වෙනුවෙන් රුපියල් 15000 ක්, අපොස සාමාන්‍ය පෙළ සමතක් දරුවන්ට රුපියල් 20000 බැගින්ද, අපොස උසස් පෙළ සමත් දරුවන්ට රුපියල් 30000 බැගින් ද ශිෂ්‍යත්ව මුදල් හිමි වෙනවා.

                ඉකුත් වසරේ දී සිසුන් 3351 කට මේ ශිෂ්‍යත්ව ලබා දුන්නා. එහි වටිනාකම රුපියල් හය කෝටි දස ලක්ෂ හතලිස් දහසක්. එහි දී පහ වසර සමත් දැරවන් 1748 දෙනෙකුට, සාමාන්‍ය පෙළ සමත් දරුවන් 1327 දෙනෙකුට හා උසස් පෙළ සමත් දරුවන් 276 දෙනෙකුට මෙහි දී ශිෂ්‍යත්ව හිමි වුණා.

                1996 ඇරඹුණු මේ වැඩ පිළිවෙල යටතේ ශිෂ්‍යත්ව ලබා ඇති දරුවන් ගණන 32357 ක්. ඉතින් මේ වැඩ පිළිවෙල යටතේ ඔබේ දරුවාටත් ශිෂ්‍යත්වයක් හිමිදැයි සොයා බලන්න. වැඩි විස්තර කාර්යංශයේ සුභසාධක සංගමයේ 0094112864117 දුරකථනය අමතන්න.

                ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ක්‍රීයාකාරී අධ්‍යක්ෂ නිතිඥ උපුල් දේශප්‍රිය ගේ දැනුවත් කිරීමකි.

සටහන - වීනීතා එම් ගමගේ.`


RECOMMEND POSTS