විදේශ රැකියා දෙනවා කියා කෝටි 5ක් වංචා කළ සැකකරු රිමාන්ඩ්



(මනෝප්‍රිය ගුණසේකර)
විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි පහකට වඩා වැඩි මුදලක් වංචා කොට වසර දෙකක් පුරා සැඟවී සිටියදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු විදේශ රැකියා ඒජන්සියක අධ්‍යක්‍ෂකවරයෙකු බව කියන සැකකරුවකු ලබන 25 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ  අතිරේක මහෙස්ත්‍රාත් එෆ්.එස්. මහ්සී මහත්මිය නියම කළාය.
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ නඩු 250කට වඩා වැඩි සංඛාවකට අවශ්‍ය වී සිටියදී  විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණප්‍රිය මහතා ඇතු`ථ නිලධාරීන් විසින් සිදු කළ රහසිගත ආවේශණ රාජකාරි වලදී හෙළි වු තොරතුරු මත අත්අඩංගුවට ගත් අල් අසාබ් විදේශ රැකියා ඒජන්සියක අධ්‍යක්‍ෂකවරයෙකු බව කියන සැකකරු මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කෙරිණි.
මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ අල් අසාබ් විදේශ රැකියා ඒජන්සියක අධ්‍යක්‍ෂකවරයෙකු බව කියන අබ්දුල් රසීක් පජාර්දීන් නමැත්තෙකි.
මෙම සිද්ධියට අදාළව සිදු කළ විමර්ශණ වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණප්‍රිය මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.
විදේශ රැකියා ලබාදෙන බව පවසා අහිංසක ජනතාවගෙන් මුදල් ලබාගෙන වංචා කරන ලදැයි කියන සිද්ධීන් 250කට වඩා වැඩි සංඛාවකට අබ්දුල් රසීක් පජාර්දීන් නමැති මෙම සැකකරු අවශ්‍යව සිටි බවත් මෙම ස්ද්ධීන් සම්බන්ධයෙන් අධිකරණයේ පවරා තිබු නඩු වලට පවා ඉදිරිපත් නොවී ඔහු සැඟවී සිටි බවත් දැනුම් දුන් රාජිත වර්ණප්‍රිය මහතා මෙවැනි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස විදේශ සේවා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීතී) කීර්ති මුතුකුමාරණ සහ එහි විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන් මාහිංකන්ද යන මහත්වරුන්ගේ නියෝග හා උපදෙස් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ යැයි කීය.
ඩුබායි සහ අබුඩාබි යන රටවල රැකියා ලබා දෙන බව පවසා සැකකරු මුදල් ලබාගෙන වංචා කොට ඇතැයිද එලෙස වංචා කළ මුදල් රුපියල් කොටි පහකට වඩා වැඩි යැයිද සැකකරු වසර ගණනාවක් තිස්සේ සඟව සීටීම නිසා මෙම පරීක්‍ෂණ ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් තිබුණේ යැයිද කී රාජිත වර්ණප්‍රිය මහතා කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ රහසිගත ආවේශණ රාජකාරී වලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු පිළිගනිමින්  සැකකරු ලබන 25 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධීන් පිළිබඳ ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ   විශේෂ  විමර්ශන  අංශයේ  නිලධාරීන්ට  නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ   විශේෂ  විමර්ශන  අංශයේ   ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අර්ජුන් මාහිංකන්ද මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණප්‍රිය, සැරයන් 26975 සමන් විමලතුංග සිල්වා, කාර්යංශයේ   පොදු සහකාර අමිල පෙරේරා, ගයාෂානී ගමගේ සහ ඒ. අචින්ත යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
 


RECOMMEND POSTS