විදේශ රැකියාවට ඉංග්‍රීසි අනිවාර්යවන ලකුණු



 

                                       (විනීතා එම් ගමගේ)

            විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට ඉංග්‍රිසි භාෂාව ඉදිරියේදී අනිවාර්ය වනු ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

            භාෂා ප්‍රවීණතාව නැති අය වෙනුවෙන් කාර්යංශය පාඨමාලා ආරම්භ කරන බවද අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.

            විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ගේ වෘත්තිය මට්ටම් උසස් කිරීමේ වැඩ පිළිවෙල යටතේ ඉදිරියේ දී භාෂාව පිළිබඳ දැනුම ලබා දීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරිය කීවාය.

            ගෘහ සේවිකාවන් ගේ සිට සියලු දෙනාට මෙම භාෂා පුහුණුව ලබා දීමට සැලසම් කරමින් සිටින බවත් 2018 වසර හෝ  ඊට ආසන්න කාලයක දී මෙය අනිවාර්ය වීමට ඉඩ ඇතැයි ඇය තව දුරටත් පැවැසුවාය.

             මේ සඳහා මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථානවල පාඨමාලා ඇරඹෙමින් ඇතැයි කී අමාත්‍යවරිය සංකීර්ණ පාඨමාලා නොව එදිනෙදා ජිවිතයේ  අත්‍යවශ්‍ය දේ පමණක් ඉගැන්වෙන පාඨමාලා මෙහිදී හදාරනු හැකිවෙතැයි කීවාය.

අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කලේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

 


RECOMMEND POSTS