විදේශ රැකියාවකට යනවිට ලියාපදිංචිවීමෙන් ලැබෙන වරප්‍රසාද
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ක්‍රියාකාරී අධ්යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය පැහැදිලි කරයි
විදේශ රැකියාවලට යන්නන් පිළීබඳව කටයුතු කරන ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයයි. රට රැකියාවකට යනවා නම් ලියාපදිංචි විය යුත්තේ එම කාර්යංශයේයි.
ලියාපදිංචි වීමෙන් ඔබට අයිතිවාසිකම් රැසක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ලියාපදිංචිය දෙන්නේ අවුරුදු දෙකකටයි. එම අවුරුදු දෙක තුළ ඔබ ඉන්නා තැන පිළිබඳ අවධානයෙන් සිටින අතර ඔබේ පවුලේ සාමාජකියින්ගේ ආරක්ෂාව පිළිබඳවත් කාර්යංශය අවධානයෙන් සිටිනවා.
ඔබ සේවා ස්ථානයේ දී යම් ප්‍රශ්නයකට මුහුණ පෑවොත් එහි දී ඔබේ සහයට කාර්යංශය ඉදිරිපත් වෙනවා. යම් නීතිමය ප්‍රශ්නයකට ඔබ මුහුණ පෑවා යැයි සිතමු. එය අපරාධ ගණයට වැටෙන එකක් නොවේ නම් එහි දී ඔබට නීති සහන පවා කාර්යංශයේ වියදමින් ලබා දෙන්න කාර්යංශය සූදානම්.
සාමාන්‍යයෙන් යම් කෙනෙක් රට රැකියාවකට යන්නට ලියාපදිංචි වීමට ගෙවන ගාස්තුවෙන් කොටසක් යොදවා කාර්යංශය රක්ෂණ ආවරණයක් ලබා දෙනවා. එහි දි ලෙඩක් දුකක් කරදරයක් වුණ විටක රුපියල් ලක්ෂ 3ක් දක්වා වූ වන්දි මුදලක් ඔබට හිමියි. එමෙන්ම දරුවන් වෙනුවෙන් ශිෂයත්ව වැඩ සටහන් ද ක්රීයාත්මකයි.
පහ වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට රුපියල් 15,000 ක් දක්වා ද, සාමාන්‍ය පෙලෙ සමත් දරුවන්ට 20000ක් ද, උසස් පෙල සමත් දරුවන්ට රුපියල් 25000 ක් ද වශයෙන් ශිෂ්‍යත්වය ලබා දෙනවා.
රැකියාවට ගිය ඔබට එරටෙහි සිටින්නට බැරි හේතුවක් නිසා ආපසු එන්නට සිදු වුවහොත් ඒ සඳහා වැය වන ගුවන් ටිකට්පතේ මුදලද ලබා දෙන්නාර්යංශය සූදානම්.
ඔබ ලියාපදිංචි වී නීත්‍යානුකූල අන්දමින් රට රැකියාවට ගියහොත් මේ වරප්‍රසාද සියල්ලට හිමිකම් කියන අතර ලියාපදිංචි නොවී හොර පාරේ ගියොත් මේ සියල්ල අහිමි වෙනවා පමණක් නොව අවදානමකටත් ලක් වී විදේශයක ජීවත් වෙන්න වෙනවා.
(සටහන විනීතා එම් ගමගේ )