විදෙස්ගත ශ්‍රමිකයන්ගේ තොරතුරු ලැබීම ප්‍රමාදයි
(විනීතා එම් ගමගේ)
විදේශ ගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස්කිරීමේ වැඩ පිළිවෙලට තොරතුරු ලබා දී ඇත්තේ ශ්‍රමිකයන් ලක්ෂ තුනකගේ පවුල් වලින් පමණකැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂ 16 කට ආසන්න පිරිසක් විදේශ ගත වී සිටින බව ද එම කාර්යංශය පවසයි.
මෙම තොරතුරු ලබා දීම ප්‍රමාද වීම නිසා එම පවුල්වල සුභ සාධන වැඩ පිළිවෙල සැකසීමේ දී ඔවුන්ට අසාධාරණයක් විය හැකි බැවින් හැකි ඉක්මණින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචිවන්නැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය විදේශ ගත ශ්‍රමිකයන් හා එම පවුල්වල සාමාජිකයින් ගෙන් ඉල්ලා සිටියාය.
මෙම වැඩසටහන මඟින් බලාපොරොත්තු වන්නේ දිවයිනේ විදෙස් ගතවී රැකියා කරන පවුල් කොපමණ ගණනක් සිටින්නේද යන්න නිවැරදිව තහවුරු කරගැනීමත් ඒ හරහා සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමවන බවත් අමාත්‍යවරිය කීවාය.
පසුගිය සමයේ විදෙස්ගත පවුල්වල සමාජ පරිසරය පිළිබඳව අධ්‍යනය කිරීමේදී පෙනී ගිය කරුණක් වන්නේ ඔවුන්ගේ පවුල් සංස්ථාව බිඳවැටීම වන අතර මේ පිළිබඳව යම් වැඩ පිළීවෙලක් සකස් කිරිම මෙහි මූලික අරමුණ වන බවද ඇය කීවාය.
ඒ සඳහා කාර්යංශයෙන් සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට සංවර්ධන නිලධාරින් තිදෙනා බැගින් පත් කර ඇතැයි අමාත්‍යවරිය පැවැසුවාය.
2016 ජනවාරි 8 වැනිදා මෙම ලියාපදිංචි කිරිමේ වැඩපිළිවෙල ඇරඹූ අතර 14 වැනිදා අවසන් වීමට නියමිතව තිබීණි. එහෙත් ඒ වනවිට ලියාපදිංචි වී තිබුණේ පවුල් 95000 කට ආසන්න ප්‍රමාණයක් පමණී.
මේ හෙතුවෙන් ලියාපදිංචිය සඳහා තව දුරටත් කල් දී ඇති අතර හැකි ඉක්මණින් ලියාපදිංචි වී එමගින් ලැබෙන ප්රතිලාභ ලබා ගැනීමට කටයුතු කරන මෙන් විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ගෙන් හා එම පවුල්වල සාමාජිකයින්ගෙන් අමාත්‍යවරිය ඉල්ලා සිටියාය.