වැරදි විදියට රට රැකියාවට යන්න ගිහින් අත් අඩංගුවට



 

                                     (විනීතා එම් ගමගේ)

            සංචාරක විසා මත කුවේට් හි රැකියාවට යාමට තැත්කළ 19 හැවිරිදි තරුණියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

            කුවේට් හි රැකියාවට යාමට හැකි අවම වයස අවුරුදු 23 වන අතර ඇය වැඩි වයස් සහිත ව්‍යාජ ලියකියවිලි මත විදේශ ගත වීමට තැත් කීරීමේ දී ඇගේ නියම වයස අවුරුදු 19ක් බව හෙළිවී තිබේ.

            වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය වැඩි දුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවට භාර දුන් බව කාර්යංශයේ නිලධාරියෙක් මැද පෙරදිග ලංකාදීපයට පැවැසීය.

            මෙම තරුණිය වන ලද පුද්ගලයන් කවුද යන්න හෙළි කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි එම නිලධාරියා තව දුරටත් සඳහන් කළේය.


RECOMMEND POSTS