වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ගැන විමසිල්ලෙන්



දැනට ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් තිබෙන වාර්ගික ප්‍රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයක් යොමු කර ඇතිබවද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆන් දුජාරික් කියා සිටී.

හෙතෙම මේ බව කියා සිටියේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එ.ජා.මහලේකම්ගේ ප්‍රකාශක ස්ටෙෆන් දුජාරික් මෙසේද කීය.

“ලංකාවේ පවතින වාර්ගික හිංසනය පිළිබඳ වාර්තා ගැන අපි පැහැදිලිවම සැලකිලිමත් වන අතර ඇතිවී තිබෙන තත්ත්වය වැළැක්වීම සඳහාත් ,ප්‍රතිසංන්ධාන කරා ළඟා වීමට රජය දක්වන කැපවීම අගය කරනවා.

එසේම සංවාදය තුළින් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට කටයුතු කරන සියලුම් ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS