ලාංකිකයින් 24,000කට ද්විත්ව පුරවැසිභාවය !



විදේශයන් හි හා මෙරට පදිංචිව සිටන  ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබූ ලාංකිකයින් 24,000ක් සඳහා මේවන විට  එම පුරවැසිභාවය ලබා දී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආරක්ෂක හේතූන් මත යැයි කියමින් ද්විත්ව පුරැවිසිභාවය ලබාදීමේ කටයුතු පසුගිය රජය මඤින් තාවකාලිකව අත්හිටුවා තිබීම නිසා 2015 වසර වනවිට විශාල ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ගොඩගැසී තිබුණු බවද එම දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව 2015 වසරේ සිට නව රජය යටතේ එම සෑම ඉල්ලුම්පතක් සඳහාම අදාළ වරප්‍රසාදය පිරිනැමීමට පියවර ගැනීම නිසා මේ වන විට එවැනි ඉල්ලුම්පත් ඇත්තේ සුළු සංඛ්‍යාවක් බවද පැවසේ.

කිසියම් ඉල්ලුම්කරුවෙකු මෙම ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා මාස 3කට ආසන්න කාලයක් ගතවන බවද එම නිලධාරියා සදහන් කළේය.

එවැනි අයදුම්කරුවෙකු සඳහා ගාස්තුව වහයෙන් රුපියල් ලක්ෂ 3ක්ද ,පවුලේ සෙසු සාමාජිකයින් සඳහා රුපියල් 50,000 බැගින්ද අය කෙරේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS