ලාංකිකයින්ට නිත්‍යානුකූල රැකියා



නීත්‍යානුකූලව විසා ලබා නොගෙන මැලේසියාවේ රැඳී රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ට නිත්‍යානුකූලව රැකියාවේ යෙදීමේ අවසරය දීමට එරට රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය පවසයි. 

මැලේසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය හා විදේශික ශ්‍රමිකයන්ගේ බලකාය විසින් මෙම තිරණය ගෙන ඇති අතර එරට ශ්‍රම වෙළඳ පොළෙහි සේවයකරන විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය වැඩි කිරීමේ අරමුණින් දියත් කරන ව්‍යාපෘතිතයක් අනුව මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව නීති වරෝධීව රැඳී සිටින ලාංකික ශ්‍රමිකයන්ට කඩිනමින් සිය නිත්‍යානුකූල ලියාපදිංචිය ලබා ගැනීමට හැකි බවත් එය සනාථ කරන ඉලෙක්ට්‍රොනික ලියාපදිංචි කාඞ්පත් ලබා ගන්නා ලෙසත් බලධාරින් ඉල්ලා සිටියි.

ලියාපදිංචි ඉලෙක්ට්‍රොනික කාඞ්පත ගැනිමට ලබා දෙන කාලය දිගු කිරීමට ද මැලේසියානු රජය පියවර ගෙන ඇත.
ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මැලේසියාවේ නීත්‍යානුකූල  නොවන අයුරින් රැඳී සිටිමින් සේවය කරතියි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS